Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාව තුල සිිවිල් යුද්දයක් ඇති වීමේ තත්වයක්…


June 24, 2022 at 12:02 am | lankacgossip

ශ‍්‍රී ලංකාව තුල සිිවිල් යුද්දයක් ඇති වීමේ තත්වයක්…

මෙරට ජනතාව අද වන විට පත්ව ඇති හා පීඩනය මත රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටී.

පවතින තත්ත්වය තවත් වර්ධනය වුවොත් ජනතාව පැහැර ගැනීම් වලට පෙළඹෙනු ඇති බවත් ආණ්ඩුව එය පාලනය කිරීමට උත්සාහ කිරීමත් සමග සිවිල් යුධ තත්වය නිර්මාණය වනු ඇතැයිද හෙතෙම පැවසීය.

රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීමට ඇති හැකියාව ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාව ඉල්ලමින් යොමු කළ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නැතැයි ද කී මන්ත්‍රීවරයා ජනාධිපති-අගමැති බකන්නිලාගෙන නොසිට ගැටලුවට උත්තර සෙවිය යුතුව ඇතැයිද සඳහන් කළේය.

බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන සෙවීමේ වගකීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට භාර නොදී රුසියාව සමඟ වහා සාකච්ඡා කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හේතුවෙන් ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමටත් බියට පත්ව සිටින බවද කී මන්ත්‍රීවරයා තවදුරටත් ආණ්ඩුව මෙලෙස කටයුතු කළහොත් ජනතාවගේ ඉවසීමේ සීමාව පනිනු ඇතැයි ද පැවැසීය.

කොළඹදී මාධ්‍ය අමතමිනි හෙතෙම මේ බව කියා සිටියේය.

395 views



Source link

Related posts

lankacgossip | තවත් කොරෝනා මරණ 135ක්…

Rohan

lankacgossip | ‘පිස්සුද අයිසෙ’ චන්ද‍්‍රිකා ඇගට ගොඩවේ…

Rohan

lankacgossip | ලංවිම සභාපති ඉල්ලා අස්වේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy