Sinhala

lankacgossip | ලංගම හාන්සියි.. ටයර්, ටියුබ් නැතිව හොදම තත්වයේ බස් දහසක් කොට උඩ..


June 23, 2022 at 8:40 am | lankacgossip

ලංගම හාන්සියි.. ටයර්, ටියුබ් නැතිව හොදම තත්වයේ බස් දහසක් කොට උඩ..

ටයර් සහ ටියුබ් ඇතුළු අමතර කොටස් නොමැතිකම හේතුවෙන් තවදුරටත් ධාවන තත්වයේ පවතින හොඳ තත්වයේ ලංගම බස් රථ දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇතැයි ලංගම පොදු සේවක සංගමය කියා සිටී.

අම්පාරේ පිහිටි ටයර් නැවත පුරවන කර්මාන්තශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසිලෙස නොලැබෙන නිසා එම කර්මාන්ත ශාලාවද වැසීයාමේ තත්ත්වයකට පත්ව ඇතැයි සංගමේ සභාපති සාගර ධනංජය මහතා පැවසීය.

අමතර කොටස් නොමැතිවීමෙන් දීර්ඝ කාලයක් නවතා තබන බස්රථ පසුව යකඩවලට විකුණා දැමීම සිදු වන බවත් ඇතැම් අවස්ථාවල කාර්මික දෝෂ වලට ලක්වන බස්රථවල අමතරව කොටස් ගලවා සුළු කාර්මික දෝෂවලට ලක්වන බස්රථවලට සවිකර ධාවනය කිරීම ද සිදු වන බව ඔහු සදහන් කලේය.

මෙම සියලුම ක්‍රියාවන්ගෙන් විශාල මහජන දේපල ප්‍රමාණයක් විනාශ වී යන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

76 views



Source link

Related posts

lankacgossip | ඖෂධ මිල 10-100%කින් ඉහලට.. දත්ත මගඩියත් හේතුවක්…

Rohan

lankacgossip | ඩඩ්ලිලා දණ ගස්වන හැටි අපි දන්නවා.. ඒක ලගදිම බලාගන්න පුළුවනි..

Rohan

lankacgossip | ඩොලර් නැති වුනේ කොරෝනා නිසා.. ඒත් කොරෝනා පරාජය කල ලෝකයේ පස්වැනියා ලංකාව..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy