Sinhala

lankacgossip | භික්‍ෂූන් වහන්සේලා දෙනමක් ගෑස් ගන්න පෝලිමේ….


June 23, 2022 at 7:10 pm | lankacgossip

භික්‍ෂූන් වහන්සේලා දෙනමක් ගෑස් ගන්න පෝලිමේ….

මාස හයකට පසු බේරුවල නගරයට ලැබුණු ලාෆ් ගෑස් තොගයක් බේරුවල පොලිසිය මැදිහත් වී බෙදාහැරීම කළ බව බේරුවල පොලිසිය නිවේදනය කළේය.

බේරුවල වෙරල ක්‍රීඩාන්ගනයෙ සිටලබාදුන් ගෑස් මිලදී ගැනීමට බේරුවල විහාරස්ථාන දෙකක ස්වාමීන් වහන්සේලා දෙනමක් දවැඩම කර සිටි අතර උන්වහන්සේලා ප්‍රකාශ කළේ විහාරස්ථානයේ දානය හා ගිලන්පස සකසා ගැනීමට ගෑස් අවශ්‍ය නිසා කාලයකට පසුව ගෑස් මිලදී ගැනීමට මෙම ස්ථානයට වැඩම කර බවයි.

බේරුවල වෙරල ක්‍රීඩාන්ගනයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරලබාගැනීමට අති විශාල පිරිසක් පැමිණ සිටි අතර කිලෝ 12.5 ගෑස් ටැංකි 700 ක් සහ කිලො 5 ගෑස් ටැංකි 390 ක් මෙහිදී නිකුත් කළ බව පොලීසිය ප්‍රකාශ කළහ.

පොදුජන පෙරමුණේ බේරුවල ප්‍රාදේශීය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද ගෑස් මිල දී ගැනීමට පෝලිමේ සිටින සිටිනු දැකගත හැකි විය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

449 views



Source link

Related posts

lankacgossip | ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ආනයන හිරවෙයි…

Rohan

lankacgossip | වතු කම්කරුවන්ට සහන පිටි නෑ..

Rohan

lankacgossip | අවසන් තෙල් නැව එයි.. තවත් ණයට තෙල් දෙන්න ඉන්දියාව ඇපකරයක් ඉල්ලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy