Sinhala

lankacgossip | දරු ප‍්‍රසූති නිවසේදීම කරන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් සූදානම් කරවයි..


June 23, 2022 at 11:20 am | lankacgossip

දරු ප‍්‍රසූති නිවසේදීම කරන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන් සූදානම් කරවයි..

ගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූතියන් නිවෙස්වල දීම සිදු කිරීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය දැනුවත් කර තිබිය.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරන්නේ පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මව්වරුන් රෝහල්ගත කළ නොහැකි අවස්ථාවල නිවසේදීම දරු ප්‍රසූතිය සිදුවිය හැකි බවයි.

පවතින වාතාවරණය යටතේ ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඕනෑම අවස්ථාවක දරු ප්‍රසූතියක් සඳහා මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට තමන් නිලධාරිනියන් සූදානම් කරන බවද ඇය සඳහන් කළාය.

දරු ප්‍රසූතිය සඳහා මැදිහත් වීමේ අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම දැනුම් දීම කරන ලද බවද ඇය තවදුරටත් කියා සිටියාය.

0 views



Source link

Related posts

lankacgossip | අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…

Rohan

lankacgossip | කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

Rohan

lankacgossip | ගෝල්ෆේස් විරෝධතාකරුවන් දඩයම් කිරීම පොලිසියෙන් මෙහෙයුම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy