June 23, 2022 at 12:00 pm | lankacgossip
ගල්ගමුව සමුපකාර ඉන්ධන පිරවුම්හලට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඉන්ධන ලබා ගැනීමට අතිවිශාල පිරිසක් පෝලිම්වල රැඳී සිටිය ද ඉන්ධන අවසන් වූ බවට එහි සේවකයන් පැවසීමත් සමග මෙම තත්ත්වය උදාවී තිබේ.
පිරවුම්හල් සේවකයන් සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය අංශ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සුළු ඉන්ධන සංචිතයක් ඉතිරිව ඇති බවයි.
නමුත් පෝලිමේ සිටි ජනතාව සඳහන් කර ඇත්තේ ඉතිරි ඉන්ධන සියල්ල ලබාදෙන ලෙසයි.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය මත පිරිස විසින් පිරවුම්හලට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එය වැළැක්වීමට ගිය පොලිසියට ද බාධා කරමින් පිරිස හැසිරී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
781 views