June 23, 2022 at 10:02 pm | lankacgossip
ගලේවෙල විවිධ සේවා සමූපකාරයට අයත් ගලේවෙල මකුලුගස්වැව ඉන්ධන පිරවුම්හ හල අසල අද (23) දින පස්වරුවේ අවස්ථා කිහිපයකදීම යුද පිටියක් බවට පත්වූ අතර ප්ර දේශවාසීන් සහ කාන්තාවෝ එක්ව මැර කණ්ඩායම්වලට පහර දී ඔවුන් එළවා දැමීමට පියවර ගත්හ.
මෙම ඉන්ධන පිරවුම්හලට දින ගණනාවක් සිට ලැබෙන ඉන්ධන ප්රදේශයේ ජනතාවට ලබා ගැනීමට දැඩි දුෂ්කරතා මතුව තිබෙන බවත් ඉන්ධන ලබා ගැනීමට එන බොහෝ පාරිභෝගිකයන්ට එම ස්ථානයේ සිටින මැරකම් කණ්ඩායම් පහර දීම් සිදු වී ඇති බව මකුලුගස්වැව පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය කියයි.
එවැනි තත්ත්වයක් තිබියදී අද 23 දින පස්වරු ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මැර කණ්ඩායම් පැමිණ ප්රදේශ්වාසීන්ට ඉන්ධන ලබා ගැනීමට නොදී ඔවුන් ඉන්ධන ලබා ගැනීම සිදු කරද්දී එකවරම කාන්තාවන් කණ්ඩායම්ක් පැමිණ මෙම පිරිස්ට පහරදී පන්නා දැමීමට කටයුතු කරන්නට වූහ.
එම අවස්ථාවේදී කාන්තාවන් පොලීසියටද බුලි වලින් පහර දී මැර කණ්ඩායම් වලට දැඩි ලෙස පහර දෙමින් පන්නා දැමීමට කටයුතු කළ අතර ආරක්ෂක නිලධාරීන්ට ද එය පාලනය කර ගැනීමට නොහැකි විය.
ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි මෙම කණ්ඩායම් කියා සිටියේ පොලිසිය යුද හමුදාව සියල්ල රැඳී සිටියදී මැරකම් කණ්ඩායම් මෙම ඉන්ධන පිරවුම්හල අත්පත් කරගෙන සිටින බවය.
මෙම හේතුව නිසා පැමිණිලි දැම්මද පොලිසිවලින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව ද ඔවුහු කියති. මේ වන විටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා ඇතුළු කණ්ඩායම් පහර දුන් බවට පාරිභෝගිකයන් මකුලුගස්වැව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද ඔවුහු පවසති.
– ලංකාදීප
2,091 views