June 22, 2022 at 8:02 am | lankacgossip
රටේ ලක්ෂ දෙසිය විස්සකගෙන් අති මහත් බහුතරයක් ජනතාව බරපතල පීඩනයක් මැද සිටියදී, ඒ තත්ත්වයෙන් රට ගොඩ ගන්නා බවට පුරසාරම් දොඩමින් පැමිණි පිරිස අද තව දුරටත් රට ප්‍රපාතයකට තල්ලු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද අමු අමුවේ මහ දවල් රට විනාශ කරන දැවැන්ත මංකොල්ලයක් සිදුවන බව පැවසූ විපක්ෂ නායකතුමා එය නතර කළ හැක්කේ ජනමතයට සහ ජනවරමට පමණක් බවද පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්රයේ දශක ගණනාවක් මුළුල්ලේ දේශපාලන පළිගැනීම්වලට ලක් ව විසඳුමක් නොලැබ සිටින ගුරු භවතුන් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
අධ්‍යාපනය නවීන සහ විධිමත් ලෙස ප්‍රතිසංස්කරණය විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා දේශපාලන බලපෑම්වලින් තොරව නිදහසේ ගුරුවරුන්ට ස්වකීය වෘත්තීය කිරීමේ අයිතිය ද හිමිවිය යුතු බව පැවසීය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සලසන බවට සිදුකරන බොරු ඡන්ද පොරොන්දු වෙනුවට නිශ්චිත වැඩපිළිවෙළක් සහ තිරසාර ප්‍රතිපත්තියක් ලෙස සලකා අදාල සාධාරණය ඉටුකළ ඉටු කළ යුතු බවත්, සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඒකායන අරමුණ එය බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
– media unit
500 views