June 22, 2022 at 2:10 pm | lankacgossip
පොලිස්පති සී ඩී වික්රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
එම මන්ත්රීවරුන් පිරිස පෙන්වා දී ඇත්තේ පසුගිය මැයි නව වැනිදා ඇතිවූ කලහකාරී සිදුවීම්වල දී මෙන්ම ඉන්ධන පිරවුම්හල අසල ඇති වන ගැටුම් පාලනය කිරීමට පොලිස්පතිවරයා ප්රමාණාත්මක ලෙස මැදිහත් නොවන බවයි.
තමන් ද ඒ පිළිබඳව තොරතුරු දන්නා බවත් මිරිහානේ පිහිටි තම නිවස ගිනි තැබීමට පැමිනි පිරිසද මේ වන විට නිදහස්ව සිටින බවත් එය පොලිසියේ ක්රියාකලාපය නිසා සිදු වූ බවද මිරිහාන බස් රථය ගිනි තැබීමට පැමිණි සැකකරන සැකකරු පමණක් බන්ධනාගාරගතව සිටින බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
683 views