June 22, 2022 at 6:20 pm | lankacgossip
රටපුරා ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් සම්බන්ධයෙන් වේලාසන දැනුම් දීම සදහා එලි දක්වන ලද වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීය කර තිබේ.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් හා මනා සැලසුමකින් යුතුව එය නැවත සක්‍රීය කරන බවයි.
අදාල වෙබ් අඩවිය හඳුන්වා දෙන ලද්දේ ජනතාවට ඉන්ධන පිළිබඳ තොරතුරු වඩා පහසුවෙන් දැන ගැනීම සදහාය.
නමුත් එහි සඳහන් ඇතැම් ඉන්ධන පිරවුම්හලට ඉන්ධන නොලැබෙන බවට ද චෝදනා එල්ල වී තිබිණි.
1,045 views