Sinhala

lankacgossip | බංකොලොත් රටකට ආර්ථික උපකාර කරන්න බෑ.. ගෝටාභය තෙල් ඔ්නෑ නම් පුටින්ට ඇමතිය යුතුයි..


June 21, 2022 at 10:02 pm | lankacgossip

බංකොලොත් රටකට ආර්ථික උපකාර කරන්න බෑ.. ගෝටාභය තෙල් ඔ්නෑ නම් පුටින්ට ඇමතිය යුතුයි..- කොළඹ රුසියානු තානාපති

බංකොලොත් වූ රටකට ආර්ථික වශයෙන් උපකාර කිරීමට නොහැකි නමුත් ශ්‍රී ලංකාවේ දැනට ඇති වාතාවරණය මත මානුෂවාදීව උදව් කිරීමට රුසියානු රජය නොපෙනන බව කොළඹ සිටින රුසියානු තානාපති යූරි මැටරි මහතා සදහන් කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්චා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩාමක් රුසියාවට යවා සාකච්ඡා පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකිවනු ඇතැයි ද රුසියානු තානාපති වරයා සඳහන් කළ බව එම සාකච්ඡාවට සම්බන්ධ වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඉන්දියාවද එරට රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් තම යෝජනා සහිතව මොස්කව් බලා ගොස් සාකච්ඡා කල බවත් ශ‍්‍රී ලංකාවද එවන් සාකච්චා ආරම්භ කිරීම වැදගත් බවද තානාපතිවරයා සඳහන් කර ඇත.

රුසියානු තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ නායකයන් සමග අද පැවැති සාකච්ඡාවකදීය.

එරොෆ්ලොට් ගුවන් යානය රදවා ගැනීමේ සිදුවීම ප්‍රසන්න නොවන තත්වයක් වුවද රුසියානු සංචාරකයන් දැනටත් වෙනත් ගුවන් සේවා මගින් ශ්‍රී ලංකාවට පැමිණියද මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ මට්ටමින් රුසියානු ජනාධිපතිවරයා අමතා දුරකතනයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව තානාපතිවරයා එහිදී සදහන් කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිව අවශ්‍යව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති යූරි මැටෙරි(Yury Materiy) අද (2022.06.21) කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ දී හමුවූහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ වීරසුමන වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 views



Source link

Related posts

lankacgossip | බැසිල්ට ඉංග‍්‍රිසි උගන්වන්න ආ අයට වුනේ තමන් ඉංග‍්‍රිසි නොදන්නා බව පිලිගන්නයි…

Rohan

lankacgossip | විදේශ ශ‍්‍රමිකයන්ට තීරුබදු රහිත වාහන බලපත‍්‍රයක්…

Rohan

lankacgossip | ‘හොරු ගෝ ගම’ පිහිටුවයි.. පාර්ලිමේන්තුව වටලා නොනවතින විරෝධතා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy