June 22, 2022 at 12:02 am | lankacgossip
කථාවෙන් නොව ක්‍රියාවෙන් මිතුරන් කව්දැයි තීරණය කරන්නැයි ලෙසට කොළඹ සිටින රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට උපදෙස් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කලේ රුසියානු තානාපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10ක නායකයන් අතර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.
“ශ්‍රී ලංකා රුසියානු ද්විපාර්ශි ආර්ථික සහයෝගිතා කොමිසම කියලා කොමිසමක් තියෙනවා. මේක වරින් වර හමුවෙනවා. මේ තියෙන ආර්ථික ප්‍රශ්න කථා කරන් තියෙන හොඳම තැන මෙතන මේ වසරේ හමුවීම තිබුණේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුම්දීලා තියෙනවා අපිට අප්‍රේල් මාසයේ හමුවෙන්න බැහැ. වෙනත් දිනයක් දැනුම් දෙන්නම් කියලා. මේක කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව.. සම්බන්ධීකරණය කරන්නේ වෙළෙඳ අමාත්‍යාංශයෙන්. වෙළෙඳ ඇමතිතුමාටත් මතක් කළා. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මතක් කළා නමුත් මේ දක්වා ඒකට දිනයක් දුන්නේ නැහැ කියලා. මේ සාකච්ඡාවේ වාසිය තියෙන්නේ අපිට, මොකද අපි හිරවෙලා ඉන්නේ. අපිටයි තෙල් ටික ගෑස් ටික පොහොර ටික ගල් අඟුරුටික රුසියාවෙන් අවශ්‍යවෙන්නේ නමුත් ශ්‍රී ලංකාව පැත්තේන් කල්දානවා දින නියමයක් නැතුව දිනයක් දාමුනේද කියලා රුසියාවෙන් මතක්කරනවා. හැබැයි ලංකාවෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා අපිට තේරේන්නේ නැහැ. කොහොම නමුත් රුසියානු තානාපතිතුමා හරි අපූරු උදෙසක් දුන්නා ලංකාවට “ඔබේ මිතුරන් කව්ද කියලා කථාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් තීරණය කරගන්න” කියලා. මේක ආණ්ඩුව බරපතළ ලෙස සලකා බැලියයුතු උපදෙසක්’
129 views