June 20, 2022 at 10:40 am | lankacgossip
ශ්‍රී ලංකාව තුළ සෑම පවුල් 10කින් හතක්ම ආහාර සඳහා සිදු කරන වියදම් කපා හැර ඇතැයි තම සංවිධානය විසින් මෑතකදී සිදුකල සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී ඇතැයි කොළඹ යුනිසෙෆ් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
දිනකට ආහාර වේල් තුනක් ගත් අය ආහාර වේල් දෙකකටත් දිනකට වේල් දෙකක් ලබාගත් අය එක් වේලකටත් යොමු වී ඇතැයි ද හෙතෙම පවසයි.
මෙරට ආහාර වල ගුණාත්මක භාවය ද පහත බැස ඇතැයි හෙතෙම කියා සිටී.
ශ්‍රී ලංකාව මෙම තත්ත්වය මත ලෝකයේ හත්වැනි කලාපයේ දෙවනියට වැඩිම ළමා මන්දපෝෂණය සහිත රට බවට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
නිසි ක්‍රියාමාර්ග නොගතහොත් මෙම තත්වය තවත් දරුණු වනු ඇතැයිද හෙතෙම අනතුරු අගවා සිටී.
185 views