June 20, 2022 at 10:02 pm | lankacgossip
හෙට දිනයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සූදානමින් සිටි ධම්මික පෙරේරා මහතා එය කල් දමා තිබේ.
ඔහුගේ ජාතිය ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය ලබා දෙන තුරු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් නොදෙන බව ඒ මහතාගේ නීතීඥයා අද දිනයේ ශ්‍රෙෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම ගැසට් කර ඇති ඒ මහතා හෙට පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතව තිබූ අතර අනතුරුව ජනාධිපතිවරයා හමුවේ ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දීමටද සූදානමින් සිටියේය.
373 views