Sinhala

lankacgossip | තරුණයකුට පහර දී මෝටර් රථයකින් පැහැරගෙන යයි….


June 20, 2022 at 8:02 am | lankacgossip

තරුණයකුට පහර දී මෝටර් රථයකින් පැහැරගෙන යයි….

දොඩංගොඩ බොම්ඹුවල සමනල උයන පෙම්රුක්වත්තේ ප්‍රදේශයේ පදිංචි තරුණයකුට පහරදී මෝටර් රථයකින් පැහැරගෙන ගියසිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි.

පොලිසියට ලැබුණු තොරතුරක් 18 දින රාත්‍රි 9 ට පමණ අංක තහඩු රෙදි කැබැල්ලකින්ආවරණය කළ රතු පැහැ මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම තරුණයාට පහරදී පැහැරගෙන ගොස් ඇති බව හෙලිව ඇතැයි පරීක්ෂණ සිදුකරනපොලිසියකියයි. පැරණි කෝන්තරයක් මුල්කරගෙන මෙසේ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය සැක කරයි.

එම එම අවස්ථාවේ පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් පැහැරගෙන යන තරුණයා මුදවා ගැනීමට මෝටර් රථයට පහරදී ඇති අතර, පහරදෙන අතරතුර වාහනය පණගන්වා පලාගොස් ඇති අතර වාහනය ගමන් ගත් දිශාව ඔස්සේ ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කරමින් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

708 views



Source link

Related posts

lankacgossip | බන්දුල ආර්ථික විද්‍යාව කණපිට හරවයි.. පොල්ගෙඩි දෙකක කිරි පොල්ගෙඩි දෙකට වඩා මිල අඩුවට දෙයි…

Rohan

lankacgossip | වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..

Rohan

lankacgossip | කොරෝනා ආසාදිතයන් හා මරණ තවත් ඉහලට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy