Sinhala

lankacgossip | චීන ජනපතිගෙන් ජනපති ගෝටාභයට පණිවුඩයක්..


June 21, 2022 at 12:02 am | lankacgossip

චීන ජනපතිගෙන් ජනපති ගෝටාභයට පණිවුඩයක්..

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ.

ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳ තානාපතිවරයා ජනාධිපතිතුමා දැනුම්වත් කළේය. චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබේ. ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

චීන ජනාධිපති ෂී ජින් පින් (Xi Jinping) මහතා එවූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබාදෙන සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

391 views



Source link

Related posts

lankacgossip | පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ශ‍්‍රීපනිප මධ්‍යම කාරක සභාවට ආ යෝජනාවට පක්‍ෂව කිසිවෙකු නෑ…

Rohan

lankacgossip | රට පුරා ඇදිරි නීතිය පනවන්නැයි කියයි…

Rohan

lankacgossip | ලෝකයේ අනෙක් රටවල් අපට වඩා විශාල අර්බුදවලට මුහුණ දීලා තිබෙනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy