June 20, 2022 at 8:40 am | lankacgossip
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධයේ දෙන විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන සියලු පිවිසුම් මාර්ග අවහිර කර තිබේ.
මෙතෙක් විවෘතව තිබූ පියුම් දෙක ද අවහිර කරමින් ඔවුන් විසින් කූඩාරම් ඉදි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම තත්වය සමග එම කාර්යලයේ සිටි පිරිසකට පිටවීමට නොහැකි වී ඇති අතර සෙසු පිරිසට රාජකාරි කිරීමට ඇතුළුවීමට නොහැකි වී ඇත.
ජනාධිපති කාර්යාලය ඉදිරියේ ඊයේ රාත්රී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණේ ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිට අරගලකරුවන් කලහකාරී ලෙස හැසිරීමත් සමඟයි.
ආරක්ෂක අංශ යොදවා මේ වන විට ජනාධිපති කාර්යාලය ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.
551 views