June 20, 2022 at 4:40 pm | lankacgossip
ඉන්ධන ලබා ගැනිම සදහා දින තුනක් යනතෙක් පොලිම් වල රැදි නොසිටින ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කර තිබුණද හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක සිට කිලෝමිටර් තුනක් දුරට පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිම සදහා ත්‍රිරෝද රථ ඇතුළු පෙට්‍රල් වාහන ගාල් කර ඇත.
පොලිම් වල රැදි සිටි පෙට්‍රල් වාහන වල රියදුරන් කියා සිටියේ තමන් දින ගණනාවක සිට පොලිම් වල රැදි සිටින බවත්, තම වාහන නිවස කරා යලි රැගෙන යාමට වාහනයේ ඉන්ධන නොමැති බවයි.
ඉන්ධන ලබාදෙන තෙක් තමන් පොලිම් වල රැදි සිටින බවයි එම වාහන වල රියදුරන් කියා සිටියේ.
මේ අතර ඩිසල් වාහනද විශාල සංඛ්‍යාවක් හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමේ අරමුණින් වාහන පොලිම් වල ගාල් කර තිබුණි.
– හැටන් රංජිත් රාජපක්ෂ
1,275 views