June 20, 2022 at 9:20 am | lankacgossip
රටපුරා ඉන්ධන පෝලිම දකිද්දී තමන්ට කණගාටුවක් දැනෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
තම කාර්යාලය ඉදිරිපිට ද ඉන්ධන පෝලිමක් ඇතැයිද හෙතෙම කියා සිටියි.
ශ්රී ලංකාවට ආධාර ලබාදෙන විට පොහොර සහ ඖෂධ ලෙස එම ආධාර ලෙස ලබා දෙනවා නම් සුදුසු බව ඔහු සඳහන් කර ඇත.
ඉදිරි මාස තුන අසීරු කාලයක් බවත් ආහාර ආධාර ද ලබා ගැනීමට සිදුවන බවත් හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව කියා සිටින්නේ විදෙස් පුවත් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
840 views