June 19, 2022 at 10:02 pm | lankacgossip
දැනට පවතින ඉන්ධන පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට ක්‍රමවේදයක් යෝජනා වී ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
වෘත්තීය ත්‍රීරෝද රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලු ම පෞද්ගලික වාහන වලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීම මෙහි දී යෝජනා වී ඇතැයි හෙතෙම පැවසීය.
අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබා ගැනීමට දින දෙකක් හෝ තුනක් ලබාදීම සිදුවිය හැකි බවද පැවසූ ඔහු මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට අදහස් කරන බව සඳහන් කළේය.
1,131 views