Sinhala

lankacgossip | පැතුම්-කුසල් ඕස්ට්‍රේලියාව වනසති.. ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…


June 19, 2022 at 10:26 pm | lankacgossip

පැතුම්-කුසල් ඕස්ට්‍රේලියාව වනසති.. ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3 දී කඩුලු 04ත් දැවී එම ඉලක්කය පසු කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිශ්ශංඛ ලකුණු 137 ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87ක් ලබා ගන්නා ලදී.

මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 2-1ක් ලෙස ශ‍්‍රි ලංකාව ඉදිරියෙන් සිටී.

2,141 views



Source link

Related posts

lankacgossip | සෞඛ්‍ය ලොක්කෙක් බීමත්ව රිය පදවා අධිකරණයේදී වරද පිලිගනී…

Rohan

lankacgossip | සිපෙට්කෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ…

Rohan

lankacgossip | ඇලුත් කැබිනෙට්ටුව අද.. පරණ ඇමතිවරුන්ම පත් වෙයිලු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy