June 19, 2022 at 10:40 am | lankacgossip
අලුතින් පිහිටුවා ඇති ලමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලබාදීමට ගෙන තිබූ තීන්දුව වෙනස් වී ඇති බව වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ පසුගිය මැයි නව වැනිදා අරලියගහ මන්දිරය හා ගාළු මුවදොර ප්‍රදේශවල ප්රහාරයන් සම්බන්ධයෙන් ඇයට ද චෝදනා එල්ල වී තිබීමයි.
ඒ අනුව එම අමාත්‍යාංශය වෙනත් අයෙකුට ලැබීමට බොහෝ ඉඩකඩ ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සඳහා වන්නිආරච්චි මහත්මිය සියල්ල සූදානම් කරගෙන තිබූ බව ද සමීප ආරංචි මාර්ග කියා සිටියි.
1,565 views