June 19, 2022 at 1:20 pm | lankacgossip
ඉදිරි 20, 21, 22 දින තුනක කාලය ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉන්ධන බෙදාහැරීම යථා තත්ත්වයට පත්වන තෙක් පෝලිම් වල රැඳී නොසිටින්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
23 වනදා පමණ වන විට මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.
141 views