June 19, 2022 at 8:40 am | lankacgossip
කිලිනොච්චිය කොකාවිල් ප්රදේශයේ පිහිටි රක්ෂිතයකට දර සෙවීම සඳහා ගිය පුද්ගලයෙකුට ඊයේ (18) දින එල්ලවූ වලස් ප්රහාරයකින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා රෝහලගත කොට ඇතිය කිලිනොච්චිය පොලීසිය පවසයි.
ප්රදේශයේ පවතින ගෑස් හිගය හේතුවෙන් දර සෙවීම සඳහා කොකාවිල් ප්රදේශයේ පිහිටි යුදහමුදා කඳවුරක් ආසන්නයේ පිහිටි කැලෑවට ගොස් ඇති අතර එහිදී එකවරම කැලෑවේ සිටි වලසුන් දෙදෙනෙකු පන්නාගෙන අවුත් පහරදී ඇත.
අනතුරුව එම පුද්ගලයා සතුව තිබූ පොරවෙන් වලසුන් දෙදෙනාට පහරදී දිවි බේරාගත්තද වලස් ප්රහාරයෙන් බරපතල තුවාල ලබා ඉතා අසීරුවෙන් නිවසට පැමිණීමෙන් පසුව කිලිනොච්චිය රෝහලට ඇතුලත් කරනු ලැබීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහලට මාරු කොට යැවීය.
මෙලෙස වලස් ප්රහාරයට ලක්ව ඇත්තේ මුරිකණ්ඩි ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි සිවපාල ක්රිෂ්ණන් නැමති සිව්දරු පියෙකු බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
223 views