June 19, 2022 at 12:40 pm | lankacgossip
හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් ලබා ගැනිමට නොහැකි වු පාරිභෝගිකයන් පිරිසක් (18) දින රාත්රියේ හැටන් කොළඹ ප්රධාන මාර්ගය ඉන්ධන පිරවුම්හල අසලින් පැයකට අධික කාලයක් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.
දින 15 පසු එම ඉන්ධන පිරවුම්හලට (18) දින භුමිතෙල් ලිටර් 6600 ක් ලැබුණු අතර , එම ඉන්ධන ලබා ගැනිමට පාරිභෝගිකයන් දෙදහසක් පමණ (17) දින රාත්රියේ සිට පොලිම් වල රැදි සිටිහ.
පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයෙකුට රු 300 බැගින් භුමිතෙල් නිකුත් කිරිමට එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් පියවර ගත් අතර , (18) දින පස්වරු 6 ට පමණ එම ඉන්ධන පිරවුම්හලේ භුමිතෙල් තොග අවසන් විමත් සමග පොලිම් වල රැදි සිටි දහසකට අධික පාරිභෝගිකයන් පිරිසක් තමන්ට විශාල අසාධාරණයක් සිදු වු බව පවසමින් භුමිතෙල් ලබාදෙන ලෙස බල කරමින් මාර්ගය අවහිර කර උද්ඝෝෂණයේ නිරත විය.
අවහිර කර තිබු මාර්ගයෙන් පාරිභෝගිකයන් ඉවත් කිරිමට උත්සහ කිරිමේදි හැටන් පොලිසියේ නිලධාරින් සහ පාරිභෝගිකයන් අතර අවස්තා කිහිපයකදි දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
පාරිභෝගිකයන් පසුව අවහිර තිබු මාර්ගයෙන් ඉවත් වි ඉන්ධන පිරවුම්හලේ රාත්රි 10 පමණ වන තෙක් රැදි සිටිමින් පසුව නිවාස කරා හිස් අතින් යන ලදි.
– රංජිත් රාජපක්ෂ
763 views