June 18, 2022 at 9:20 am | lankacgossip
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම රටේ ජනාධිපති වරයා බවට පත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
අනතුරුව අග්‍රාමාත්‍ය ධුරය තමන්ට හිමිවීමට නියමිත බවද පවසන අත්තනායක මහතා අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට සමගි ජන බලවේගය තුළ වැඩිම සුදුසුකම් සපුරා ඇති එකම පුද්ගලයා තමා බවත් කියා සිටී.
කිසිවිටකත් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සමගි ජන බලවේගය සන්ධාන ගත නොවන බවද හෙතෙම පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවට එක්වෙමිනි.
542 views