Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පකිස්ථානයේ සහාය….


June 18, 2022 at 5:30 pm | lankacgossip

ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පකිස්ථානයේ සහාය….

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) මහතා පවසයි.

17 පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් උමාර් ෆාරුක් බුර්කි මහතා මේ බව සඳහන් කළේය.

දෙරට අතර සමීප සහ බහුපාර්ශ්වික සබඳතාව, දේශපාලන, වෙළෙඳ, සංස්කෘතික, ආරක්ෂක, සංවර්ධන සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන බව මහ කොමසාරිස්වරයා පැවසීය.

මානුෂීය ආධාර ලෙස තෝරාගත් ඖෂධ මෙරටට ලබාදීම, එරට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පකිස්ථාන රජයට ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිතුමා මහ කොමසාරිස්වරයා දැනුවත් කරනු ලැබීය.

පවතින තත්ත්වයෙන් මිදීමට පකිස්ථාන රජයේ සහාය ලබාදෙන බවත් කඩිනමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා ප්‍රාර්ථනා කරන බවත් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

78 views



Source link

Related posts

lankacgossip | රනිල් අගමැතිකමෙන් අස්වෙනවා..

Rohan

lankacgossip | ඔමික්‍රෝන් ගැන මේ කරුණු දන්නවාද.. බේරෙන්නේ කෙසේද..

Rohan

lankacgossip | ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy