June 18, 2022 at 10:00 am | lankacgossip
ඉදිරි කාලයේ විදුලි කප්පාදු කාලය තවත් පැය 05ක් දක්වා ඉහළ දැමීමට සිදුවන තත්වයක් මතු වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග කියා සිටී.
නොරොච්චෝලේ බලාගාරය අනිවාර්යෙන් නඩත්තුවක් සඳහා කොටසක් නැවතත් අක්‍රිය කිරීමත් අමතර කොටස් සඳහා ගෙන්වා ගැනීමට ඩොරල් නොමැතිවීමත්, ගල් අඟුරු ගෙන ඒමට ඩොලර් හිග තාවයක් මත මෙම තත්වය උද්ගත වී තිබේ.
දැනට ගබඩා කර ඇති ගල් අඟුරු තොග අවසන් වීමට පෙර සැප්තැම්බර් 15 දිනට පෙර අලුත් තොග ලබාගැනීමට ටයුතු කළ යුතුව ඇතත් මෙතෙක් ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉටු වී නැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
විදුලිය නිපදවීමට අවශ්‍ය ඩීසල් තොග නොලැබෙන්නේ නම් විදුලිය කප්පාදු කාලය තවත් දීර්ඝ වනු ඇතැයි ද ඔවුහු කියා සිටිති.
1,219 views