June 18, 2022 at 1:20 pm | lankacgossip
ඉන්ධන ලබාගත හැකි බවට සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවට නිවේදනය කරන පිරවුම්හල් වෙනුවට හිතවතුන්ගේ පිරවුම්හල්වලට තෙල් බෙදාහැරීමේ සැලසුම් සහගත ජාවාරමක් අනාවරණය වී ඇත. මෙම තත්ත්වය මත ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වා දුන් යෙදවුම (APP) ගැන මහජන විශ්වාසයද ගිලිහී යන්නට පටන්ගෙන ඇතැයි වෘත්තීය සමිති පෙන්වා දෙයි.
16 වැනිදා ඉහළ නිලධාරියකුගේ උපදෙස් මත බව කියමින් එම පිරවුම් හල් ලැයිස්තුවට පිටින් ඉන්ධන පිරවුම් හල් වෙත යවා ඇති බව හෙළිවී ඇත. මහනුවරට එවැනි ඩීසල් බවුසරයක් ලැබී තිබිණි.
ඉහළ නිලධාරීන් කීපදෙනකුට අත යට මුදල් දී මෙම ඉන්ධන බවුසර් ගෙන්වා ගන්නා බවට චෝදනා එල්ල වේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු විසින් ප්රමුඛතා ලැයිස්තු සකස් කර එය බෙදාහැරීම් අංශය වෙත යොමුකර ඇතත් අතරමගදී ඉහළ නිලධාරීන් තම හිතවත් තැන්වලට බවුසර් යවන බව හෙළිවී තිබේ.
– අරුණ
650 views