June 18, 2022 at 10:02 pm | lankacgossip
රජයේ නිලධාරින් මිට වඩා කාර්යක්ෂමව සහ වගකිමකින් කටයුතු නොකල හොත් ජනතාව මිලගට පහර දෙන්නේ රාජ්‍ය නිලධාරින්ට බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අවධාරණය කලහ.
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ඒ බැව් කියා සිටියේ (18) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමිව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කළුගල කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර කාර්යාලයේ ස්ථාපනය කරන ලද ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්තාවට එක් වෙමිණි.
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ගම්මාන වල වගා කරන ආහාර වර්ග කල් තබා ගැනිම සදහා එම කාර්යාලයේ නිලධාරින්ගේ අධික්ෂණය යටතේ සිදු කරන ලද ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමිව තේ කුඩු , බඩ ඉරිගු , කොස් , දෙල් , පොළොස් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් කල් තබා ගන්නා ආකාරයට සකස් කරන ලද ආහාර එම ආහාර මන්දිරයෙන් මිල දි ගැනිමට ප්‍රදේශවාසින්ට අවස්තාව උදාවනු ඇත.
මෙවැනිම ආහාර මන්දිර ග්‍රාමසේවා වසම් මට්ටමින් මුළු දිස්ත්‍රික්කය පුරා පවත්වාගෙන යාම මෙම වැඩසටහනේ අරමුණ බවයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා කියා සිටියේ.
මෙම ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්තාවට විශේෂ අරාධිතයා වශයෙන් එක් වු කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුල මේ රටේ ජනතාව දැඩි පිඩාවට පත් වන අවධානමක සිටින නිසා ජනතාවද ඉන් මිදිමට විශාල කැප කිරිමක් සිදු කල යුතු බවයි.
වි අස්වැන්න නෙලා ගැනිමේදි ගොවියන් 99% අස්වැන්න නෙලා ගැනිමට යන්ත්‍ර සුත්‍ර භාවිතා කරන නිසා ඉදිරියේදි ඒ සදහා විශාල ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය බවත්, එම ඉන්ධන සොයාගැනිමට මේ වන විට ගැටළුවක් මතු වි ඇති නිසා අස්වැන්න නෙලා ගැනිමට යුධ හමුදාවේ සහ දිස්ත්‍රික්ක මට්ටමින් ශ්රමදායකත්වයක් ලබා ගැනිමේ වැඩසටහනක් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.
පවතින තත්ත්වය මත තව දින කිහිපයක් තුල ජනතාවට පුද්ගලික වාහන වලින් පොදු ප්‍රවාහන සේවා වලින් බැහැර වි පයින් ගමන් කිරිමට හෝ පැරණි සම්ප්‍රදායට අනුව ගමන් බිමන් යාමට සිදු විමේ අවධානමක් මතු වි ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
මෙම ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්තාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ , නුවරඑලිය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරින් රැසක් සහභාගි වි සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
910 views