June 19, 2022 at 3:20 am | lankacgossip
මේ වන විට රටේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
පොහොර ප්‍රශ්නයට මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය වෙනුවෙන් මේ වනවිට සාර්ථක ලෙස පිළියම් ලබා දීමට හැකියාව ලැබී ඇතැයිද හෙතෙම පැවසීය.
එනිසා කලබල නොවී ඉවසා සිටියහොත් ඉතිරි ප්‍රශ්න විසඳීමට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය ලබා ගැනීමටත් මෙරට ආර්ථික සුරක්ෂිතතාව හා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බවත් එම වැඩ කටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් සිටින්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවද මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දැක්විය යුතු බවත් කලබල නොකර ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියහොත් කළහොත් ඉක්මනින්ම ප්‍රශ්න විසඳා ගැනීමට හැකි බව ද හෙතෙම පැවසීය.
ගාල්ලේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
173 views