June 18, 2022 at 2:14 am | lankacgossip
විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවෙන් චෝදනා ගොනු කර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවෙකු (17) දින අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතට රු දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කලහ.
මෙසේ රු දස දහසක දඩයක් ගෙවිමට නියෝග කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි එස්.සෙල්වකුමාර් නැමති චුදිතයෙකුටය.
චුදිතයා හැටන් නගරයේ පැති විදියේ ඔහුගේ නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැර තිබිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා විසින් සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ කසල පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් පරිසර පනත යටතේ චෝදනා ගොනු කර තිබුණි.
– හැටන් රංජිත් රාජපක්ෂ
15 views