Sinhala

lankacgossip | ලංකාවට තෙල් දෙන්න කිසිම සැපයුම්කරුවෙක් නෑ.. සිපෙට්කෝ ටෙන්ඩරවලට කිසිවෙකු නෑ… මීලග තෙල නැව එන දිනක් නොදනී…


June 17, 2022 at 9:20 am | lankacgossip

ලංකාවට තෙල් දෙන්න කිසිම සැපයුම්කරුවෙක් නෑ.. සිපෙට්කෝ ටෙන්ඩරවලට කිසිවෙකු නෑ… මීලග තෙල නැව එන දිනක් නොදනී…

මීළඟ පෙට‍්‍රල් නැවක් ගොඩ බෑමේ දිනයක් හෝ සැලසුමක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

මෙරට ඩොලර් හිගතාවය හේතුවෙන් පෙට‍්‍රල් නෞකා වෙත මුදල් ගෙවීමට නොහැකි වීම මීට හේතුවයි.

අද වන විට මෙරට පෙට්‍රල් සඳහා දීර්ඝ පෝලිම් ඇති වී ඇති අතර පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 10,000ටද වඩා අඩු වී ඇත. මෙරට සාමාන්‍ය දිනක පෙට‍්‍රල් භාවිතය මෙටි‍්‍රක් ටොන් 3000කිි.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ලැබීමට තිබූ පෙට‍්‍රල් නෞකාවක් විසි එක් වෙනිදා පැමිණීමට නියමිතව ඇතත් එයද පැමිණීම මේ වන විට අවිනිශ්චිත වී තිබේ.

තවත් පෙට‍්‍රල් නෞකාවක් කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා ඇති අතර ඊට ගෙවීමට මුදල් නොමැති වීම මත එහි ඉන්ධන ගොඩබෑම තවදුරටත් ප්‍රමාද වෙමින් ඇත.

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ රටට ඉන්ධන ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවුවද සැපයුම් කරැවන් කිසිවෙකු ඉදිරිපත් නොවීමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

සැපයුම්කරුවන්ට මේ දක්වා ඩොලර් මිලියන 735 ක ණයක් ගෙවීමට තිබීම මීට හේතු වී ඇතැයිද ඔහු පැවසීය.

සංස්ථාව ඉන්ධන මිල දී ගැනීමට ටෙන්ඩර කැඳවුවද සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් ඉදිරියේදී ඉන්ධන සැපයුම දැඩි අභියෝගයක් වනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

264 views



Source link

Related posts

lankacgossip | ඇමරිකාවේදී මට අසාධාරණයක් වුණා… නැතිනම් මං ලෝක රූ රැජින..

Rohan

lankacgossip | අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය රැගෙන ජනපති හමුවෙයි..?

Rohan

lankacgossip | ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, කිරිපිටි ණයට ඉල්ලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy