June 17, 2022 at 2:10 pm | lankacgossip
වසර හයක පූර්ණ ධුර කලයක් තමන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.
තමන් මාස දෙකක් සේවය කර ඉවත්ව යාමේ අපේක්ෂාවක් නොතිබූ බව ඔහු බීබීසී සේවය වෙත ප්‍රකාශ කර ඇත.
රට තුළ පවතින්නේ මාස දෙකක් තුළ විසදිය හැකි අර්බුදයක් නොවන බවද ඔහු සඳහන් කර තිබේ.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පසු මහ බැංකු අධිපති ධුරයට නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලද අතර ඔවුන් දෙදෙනාම ගෙවා දමන ලද්දේ ඊට පෙර මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ධුර කාලයයි.
එම වසර හයක ධුර කාලය ඉදිරි දින කිහිපය තුළ අවසන් වීමට නියමිතව තිබේ.
0 views