Sinhala

lankacgossip | තවත් ණයට ඉන්දීය තෙල් නෑ… ෆර්ඩිනැන්ඩුගේ කතාවෙන් ඉන්දියාව අවුලට…


June 17, 2022 at 10:22 pm | lankacgossip

තවත් ණයට ඉන්දීය තෙල් නෑ… ෆර්ඩිනැන්ඩුගේ කතාවෙන් ඉන්දියාව අවුලට…

මෑත කාලීනව ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සිදුකෙරුණු විශ්වාසය බිඳෙනසුළු ක්‍රියාවන් හේතුවෙන්, ඩොලර් මිලියන 500ක් වටිනා ඉන්ධන වෙනුවෙන්වූ මීළඟ ණය සහනය(Credit Line) ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව ඉන්දියාව දෙගිඩියාවෙන් පසුවන් බව වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම දැඩි අර්බුදයකට ලක්කරමින් මෙම ණය සහනයට අදාළ සාකච්ඡා පසුගිය සතියේ නතර විය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා(16), මීට පෙර ලබාදී තිබුණු ඉන්ධන ණය සහනය යටතේ මෙරටට ඉන්දියාවේ සිට ළඟාවූ ඩීසල් නෞකාවෙන් අනතුරුව, ඉදිරි කාලය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීම අර්බුදයක් බවට පත්ව ඇත.

මෙලෙස ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය නිකුත් කිරීම පිළිබඳව අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධානම හේතුවක් බවට පත්ව ඇත්තේ,දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක්ද නිර්මාණය කරමින් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එච්.එම්.සී. ෆර්ඩ්නැන්ඩෝ පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදුකරන ලද මන්නාරම විදුලි බලාගාරය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයයි.

එම ප්‍රකාශය ඔස්සේ හිටපු සභාපතිවරයා සඳහන් කරන ලද්දේ ඉන්දියාවේ අදානි සාමාගම විසින් ඉදිකිරීමට යෝජිත පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය සඳහා ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් සිදුකර ඇති බවයි. මෙම ප්‍රකාශය හේතුවෙන් දෙරටේම ආන්දෝලනාත්මක තත්ත්ව උද්ගත ඇති අතර, ඇතැම් දේශීය කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව තුල ඉන්දියානු විරෝධයක් නිර්මාණය කරමින් සිටින බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

– අරැණ

932 views



Source link

Related posts

lankacgossip | කුකුළු මස් කිලෝව 1000ට.. බිත්තරයක් 50ට… තලපත් 2400යි…

Rohan

lankacgossip | ඉන්දීය විදේශ ලේකම් රාත‍්‍රියේදී දෙමළ දේශපාලන හමුවෙයි.. මාධ්‍යට තහනම්…

Rohan

lankacgossip | අපයෝජනයට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි පටිගතකරයි….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy