Sinhala

lankacgossip | ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය 64 ක් අත්අඩංගුවට…


June 17, 2022 at 5:30 pm | lankacgossip

ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය 64 ක් අත්අඩංගුවට…

නීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගත් පුද්ගලයින් 64 දෙනෙකු මුලතිව් සහ ත්‍රීකුණාමලය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් සහ ත්‍රීකුණාමලය අතර වූ මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුරදී අනාරක්ෂිතව ප්‍රමාණයට වඩා වැඩියෙන් පුද්ගලයින් පටවාගත් බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් අදාල යාත්‍රාව පරික්ෂාවට ලක්කොට ඇත.

එහිදී අදාල පිරිස් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය වීමට උත්සහ ගෙන ඇති බවට තහවුරු වීම හේතුවෙන් නාවික හමුදාභාරයට ගැනීමට පියවර ගත් අතර එහිදී පිරිමි පුද්ගලයින් 50 දෙනෙකු, කාන්තාවන් 11 දෙනෙක්, ළමුන් 03 ක්ද ඊට අමතරව අදාල පිරිස් වෙනත් රටකට රැගෙන යාමේ ජාවාරමට සම්බන්ධ වූ පුද්ගලයින් 07 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

අදාල පිරිස් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු අනාරවනය වී ඇති අතර නාවික හමුදා භාරයට ගත් පිරිස් මුලතිව් යාපනය සහ ත්‍රීකුණාමලය ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 02 සිට අවුරුදු 55 දක්වා වූ වයස් සීමාවන්හි පුද්ගලයින් බවට අනාවරන වෙයි.

නාවික හමුදා භාරයට ගත් පිරිස වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලීසිය වෙතට භාරදීම නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

323 views



Source link

Related posts

lankacgossip | ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..

Rohan

lankacgossip | ටැංකියෙන් ඉන්ධන අදී.. විකුණයි.. යලි පෝලිමේ.. මහ දවාලේ ජාවාරම්.. පෝලිම නිම නොවෙයි…

Rohan

lankacgossip | ආණ්ඩුවට දැක්මක් නැතිව අයාලේ.. තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය දේශපාලන මණ්ඩලය කැදවයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy