Sinhala

lankacgossip | ආහාර සුරක්‍ෂිතතාවට යුද හමුදාවෙන් බහී…


June 17, 2022 at 7:10 pm | lankacgossip

ආහාර සුරක්‍ෂිතතාවට යුද හමුදාවෙන් බහී…

ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

රජය විසින් මෙම වසරේ ජූලි මස මුලදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කරන කෘෂිකාර්මික ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මඟපෙන්වීම මත හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුවේ සමස්ත කළමනාකාරීත්වයේ ප්‍රධානි ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය කටයුතු කරනු ලබයි.

තවද, එම කමිටුවේ සාමාජිකයින් ලෙස යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්‍ෂ, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ, පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කරනු ලබයි. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ අධීක්‍ෂණ කටයුතු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් සිදුකරනු ලබයි.

සමාරම්භක සැසිවාරයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මෙම ජාතික ප්‍රයත්නයේ විෂය පථය පිළිබඳව පැහැදිලි කරමින් ජාතික ඉලක්ක කරා ළඟාවීමට සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් වගා කටයුතු සිදුනොකළ ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගනිමින් අනාගතයේදී ආහාර හිඟයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා යුද්ධ හමුදාවට කෘෂිකාර්මික අංශ සමඟ අත්වැල් බැඳගත හැකි ආකාරය පිළිබඳ නව කමිටුව දැනුවත් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්, ගොවිජන නිලධාරීන් සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමින් සමන්විත නිලධාරීන් සමඟ සාකච්ඡා කර දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් එම රජයේ ඉඩම් එළිපෙහෙලි කිරීම, වගා කිරීම සහ තෝරාගත් බීජ වර්ග වගාකිරීම සඳහා පාත්ති සකස් කිරීම සිදුකිරීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් මේ වනවිටත් යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන ගොවිපලවල් 16 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලඇණි 6 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත.

මීට අමතරව, දිවයින පුරා පිහිටි සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ ඒ යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් මේ වනවිටත් කලාපීය මට්ටමින් මෙම ජාතික කර්තව්‍යයට සිය සම්පූර්ණ දායකත්වය ලබාදෙමින් සිටින අතර, ජාතියේ ආරක්‍ෂකයින් ලෙස මෙම ප්‍රජා මූලික කර්තව්‍යයට එක්ව වගා කටයුතු සඳහා අවධානය යොමු නොවූ රජයේ ඉඩම් සහ කුඹුරු වගා කටයුතු සඳහා යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයාබලමින් සිටියි. තෝරාගත් ඉඩම්වල බිම් සැකසීමේ මූලික කටයුතු ආරම්භ කිරීමට පෙර ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඉඩම් නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් සමඟ සමීපව සාකච්ඡා කර ප්‍රාදේශීය මට්ටමින් රජයේ ඉඩම් හඳුනාගැනීමේ කටයුතු සිදුකළ යුතු වේ.

– Army media

0 views



Source link

Related posts

lankacgossip | ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

Rohan

lankacgossip | පෙට‍්‍රල්-ඩීසල් බාලයි.. වාහන අවදානමක..

Rohan

lankacgossip | මට ඇමතිකමේ ඉන්න බෑ.. ඥාණසාර හිමිට විරෝධය පාමින් අලි සබ්රි දන්වයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy