Sinhala

lankacgossip | අත්‍යවශ්‍ය සේවාවන්ට වෙන්කල ඉන්ධන තමනට ඉල්ලමින් පිරවුම්හලක ගාලගෝට්ටියක්..


June 17, 2022 at 1:20 pm | lankacgossip

අත්‍යවශ්‍ය සේවාවන්ට වෙන්කල ඉන්ධන තමනට ඉල්ලමින් පිරවුම්හලක ගාලගෝට්ටියක්..

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් අසල (16) දින රාත්‍රියේ පොලිම් වල රැදි සිටි පිරිසක් සහ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

(16) දින උදැසන එම ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් ඉන්ධන ලිටර් 6600 ක් ලැබි තිබු අතර , එම ඉන්ධන තොගය පෙට්‍රල් වාහන වලට ලබා දිමෙන් අනතුරුව පස්වරු 6 ට පමණ ඉන්ධන අවසන් විමත් සමග පොලිම් වල ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් රැද සිටි පිරිස ඉන්ධන පිරවුම්හලට පැමිණ මෙසේ නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.

නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පිරිස කියා සිටියේ (16) දින උදැසන සිට පොලිම් වල රැදි සිටි බවත්, තම වාරය පැමිණෙන අවස්තාවේ තමන්ට ඉන්ධන ලබා ගැනිමට නොහැකි වු බවත්, ඉන්ධන පිරවුම්හලේ අත්‍යවශ්‍ය සේවා සදහා වෙන් කර තිබෙන ඉන්ධන තොග තමන්ට නිකුත් කරන ලෙසයි.

හැටන් පොලිසියේ නිලධාරින් නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පිරිස හමුවේ කියා සිටියේ අත්‍යවශ්‍ය සේවා සදහා වෙන් කර ඇති ඉන්ධන කිසිසේත් වෙනත් වාහන වලට නිකුත් කල නොහැකි බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

448 views



Source link

Related posts

lankacgossip | මුදල් ඇමතිට සහාය වෙන්න විශේෂඥ කණ්ඩායමක්…

Rohan

lankacgossip | එළුවන් රංචුවක් හොරෙන් ගෙනයද්දී අල්ලයි…

Rohan

lankacgossip | කොවිඩ් එන්නතෙන් සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක්… උණුසුම් තත්වයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy