June 16, 2022 at 10:02 pm | lankacgossip
සලාක ක්‍රමයට ඉන්ධන ලබා දීම සඳහා ඉදිරි සති දෙකක් හෝ තුනක් ඇතුළත කාඩ් පතක් හඳුන්වා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා කියා සිටියි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදාළ ක්‍රමවේදය පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කළේ මෙසේය.
‘අපි යෝජනා කරන්නේ ජුනි මාසයේ පළමු සතියේ ඉඳලා අතහදා බැලීමක් හැටියට යම් සලාක ක්‍රමයක්, ඒ කියන්නේ ඕනෑම පාරිභෝගිකයෙකුට නිශ්චිත ඉන්ධන ලීටර් ප්‍රමාණයක් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න. ඒකෙදී මම දැක්කා වැරදි විදියට අර්ථකථනය කරලා තියෙනවා එක ෂෙඩ් එකක ලියාපදිංචි කරාම කොහොමද පිට තැනකට ගිහිල්ලා ගහන්නේ කොහොමද කියලා .
එහෙම එකක් නෙවෙයි අපි බලන්න උත්සාහ කරන්නේ, තමන්ට තියෙන ලඟම ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වෙනවා වගේම තමන්ට සතියක් තුළ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය උදාහරණයක් විදියට ලීටර් 100ක් දෙනවා නම්. ඒකෙන් ලීටර් 60ක් වත් තමන් ලියාපදිංචි වෙන ඉන්ධන පිරවුම්හලෙන් ගන්න පුළුවන්. ඉතුරු ලීටර් 40 වෙනත් ඕනෑම පිරවුම්හලකින් ගන්න පුළුවන් වෙන විදියට . එතකොට අපි අඩුම තරමේ දන්නවා මේ පුද්ගලයාට ලීටර් 100ක්. මම කියන්නේ නෑ ලීටර් 100ක් කියලා සීමාව කියලා.
විවිධ ක්ෂේත්රවලට වෙනස්වෙයි. ඒකෙදි අපිට ත්‍රීරෝද රථ එක්කෙනාට වෙනස්වෙයි. සමහරවෙලාවට බස් රථයට වෙනස්වෙයි. අපි හිතමු වෛද්‍යවරුන්ට වෙනස්වෙයි. එහෙම විවිධ ක්ෂේත්රවලට කඩලා. අපිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා. දැනටත් ඒ පිළිබඳව සාකච්ඡා යනවා දැනට ඒ ක්‍රමවේදය අපි හදලා නෑ. අපි පොඩි වෙනම කාඩ් එකක් ලබාදෙන ක්‍රමයක් අපි කතාකරගෙන යනවා මේ දවස්වල. අපිට සති දෙක තුනක් යයි මේක හදලා දෙන්න’
2,182 views