June 16, 2022 at 11:05 pm | lankacgossip
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 26ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4කදී කඩුලු 9ක් දැවී ලකුණු 220ක් ලබා ගත්තේය.
එහිදී ඇති වූ වර්ෂාපතනය මත ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය පන්දුවාර 43කදී ලකුණු 216කි.
නමුත් ඔවුන් සියලු දෙනා දැවී පන්දුවාර 37.1 දී ලබාගත හැකිවූයේ ලකුණු 189 ක් පමණි.
442 views