June 16, 2022 at 10:36 pm | lankacgossip
රට සම්පූර්ණයෙන් වසා දැමීමේ හෝ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ලොක්ඩවුන් කිරීමක් හෝ ඇඳිරි නීතිය පැනවීමක් සිදු කරන්නේදැයි ඇතැම් මැති ඇමතිවරුන් සහ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔවුන් මෙසේ පවසා ඇත.
ලබන සතියේ තවත් ඉන්ධන තොගයක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔවුන් දන්වා ඇත.
කෙසේ වෙතත් සඳුදා සිට සති දෙකක කාලයක් පාසල් සහ පොදු සේවාවන් සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දීමට රජය සලකා බලමින් ඇති අතර ඒ ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවද ඩේලි මිරර් වාර්තා කරයි.
410 views