May 22, 2022 at 10:00 am | lankacgossip
දෙසැම්බර් මාසය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.
එහිදී එම රටවල් දෙකෙන් ඩොලර් බිලියනයක ණය පහසුකම් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.
දැනට පවතින ඉන්ධන සැපයුම අවසන් වූ පසු මෙම රටවල් දෙක හරහා ඩොලර් මිලියන 500 බැගින් ලබාගෙන වසර පුරා තෙල් සැපයුමක් සහතික කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.
ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා අතිරේකව ලබාදී ඇති ඩොලර් මිලියන දෙසියක ණය මාර්ගය පමණක් දැනට ක්‍රියාත්මක වෙමින් ඇත.
507 views