May 14, 2022 at 4:40 pm | lankacgossip
නැවත ඩීසල් නෞකාවක් පැමිණෙන තුරු ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩීසල් ටොන් 4000- 5000ක ප්‍රමාණයක් පමණක් බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය.
මැයි 15 වැනිදා වන විට ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් නෞකාවක් පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.
සතියක් සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින අතර මාසයකට පමණ ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන තිබෙන බවද ඔහු පැවසීය.
ඉන්ධන ගැටළුව විසඳා ගැනීම සම්බන්ධයෙන් නව රජයට යෝජනා මාලවක් ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ගුවන් යානා ඉන්ධන කළමනාකරණය කර ගැනීම පිළිබඳ ගුවන් සමාගම් සමඟ සුවිශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බවත් සංචාරක කර්මාන්තයට අයහපත් බලපෑමක් නොවීමට එහිදී තීන්දු තීරණ ගැනීමට ඔවුන් එකඟ කරවා ගැනීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.
– ක්‍රිසන්ති විතාරණ
0 views