Sinhala

lankacgossip | රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…


May 14, 2022 at 12:00 pm | lankacgossip

රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…

නව අගමැති යටතේ හැදෙන ආණ්ඩුව කුමන දිශාවකට හැරෙනු ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මේ හැදෙන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුවක් මිස අන්තර්කාලීන හෝ ජාතික එකඟතා ආණ්ඩුවක් නොවන බවය.

ඔහු එය සමාන කළේ “චන්ද්‍රිකා-රනිල්” , “මෛත්‍රී-රනිල්” වැනි ආණ්ඩුවකටය.තවදුරටත් අදහස් දැක්වූ ඔහු සෙසු පක්ෂ වලින් සමන්විත විධායක සභාවකින් මෙම තෝරා ගැනීම ඔහු නොකළ නිසා එය ජනාධිපතිවරයාගේ තනි තීන්දුවක් ලෙස සැලකීමට සිදුවන බවය.

බොහෝ විට ජාත්‍යයන්තර බලපෑම් වලට යටත්වීම නිසා ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව 2003 දී රනිල් වික්‍රමසිංහ නැවැත්වූ තැනින් ඉතිරි ටික ඔහු පටන් ගනු ඇති බවටද අමරසේකර මහතා අනතුරු ඇඟවීය.අමරසේකර මහතාට අනුව පක්ෂ 11 සන්ධානය ගෝඨා-රනිල් ආණ්ඩුවට මුක්කු ගැසුවොත් ඔවුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇත.

2,398 views



Source link

Related posts

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කලේ ඉන්දීය නියෝගයකින්..

Rohan

lankacgossip | දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් ගේන්න 13 සංශෝධනය පූර්ණය ක්‍රියාත්මක කිරීම හා තහනම් ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කිරීම

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy