Sinhala

lankacgossip | මැයි 18 ශ‍්‍රී ලංකාවට පහර දෙන්න කොටි සාමාජිකයන් ඇතුළු වෙමින්…


May 14, 2022 at 9:33 pm | lankacgossip

මැයි 18 ශ‍්‍රී ලංකාවට පහර දෙන්න කොටි සාමාජිකයන් ඇතුළු වෙමින්…- ඉන්දීය බුද්ධි අංශ

ශ්‍රී ලංකාව ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක පැටලී ඇති වීම මත ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටමි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා මත දෙවතාවක් හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කර ඇති නිසා ජාත්‍යන්තර සබඳතා ඇති දෙමල ඩයස්පෝරාව සමහර කොටස් විරෝධතාකරුවන් සහ සන්නද්ධ අංශ අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණ දියත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.

මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

දැනටමත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි කොටි සාමාජිකයින් පිරිසක් තමිල්නාඩුවට ඇතුළත් වී ඇති බවත් ඒ හේතුවෙන් තමිල්නාඩු වෙරලබඩ පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බවත් වාර්තාවක් වැඩි දුරටත් කියා සිටියි.

අදාළ වාර්තාව මෙතනින්..

6,822 views



Source link

Related posts

lankacgossip | ඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසිය යයි..

Rohan

lankacgossip | ATM යන්ත‍්‍රයට දමන්න ගෙනා හය කෝටියක් සමග රියදුරා පැන යයි…

Rohan

lankacgossip | ආණ්ඩුවේ නායකයෝ සල්ගාදු පිටියේදී හිට් විකට් වුනා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy