Sinhala

lankacgossip | දැං ඉන්නේ 2020 සිටි ගෝඨාභය නොවේ.. ලිඛිත පොරොන්දුවත් විශ්වාස කරන්න බෑ.. මහින්ද වටා වදුරන් පිරිසක්…


May 15, 2022 at 3:20 am | lankacgossip

දැං ඉන්නේ 2020 සිටි ගෝඨාභය නොවේ.. ලිඛිත පොරොන්දුවත් විශ්වාස කරන්න බෑ.. මහින්ද වටා වදුරන් පිරිසක්…

මේ අවස්ථාවේ රට පාලනය කරමින් සිටින්නේ 2020 වසරේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දු පවා මේ වන විට උල්ලංඝනය කර ඇති බවයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කර තිබේ.

අරලියගහ මන්දිරයේ සිට සාමකාමී විරෝධතා කරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පලකරන ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා වටා සිටින වඳුරන් වැනි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ඔහුට මෙම අභාග්‍යසම්පන්න ඉරණම අත්පත් කර දුන් බවයි.

වාසුදේව නානායක්කාර මහතා විසින් මීට සති කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් උපදෙසක් පිළිබඳව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී හෙළි කලේය.

අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක් වූ උදය ගම්මන්පිල මහතා අදාළ තනතුර භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ නම් වික්‍රමසිංහ මහතාට එම තනතුර ලබා දීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කිසිදු විරෝධයක් නොදක්වන බව පැවසීය.

තමන් වික්‍රමසිංහ මහතාට අකැමැති නමුත් මේ අවස්ථාවේදී කකුලෙන් ඇදීම් සිදුනොකරන බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කරයි.

354 views



Source link

Related posts

lankacgossip | පැය හතරක විදුලි කප්පාදුවක්…?

Rohan

lankacgossip | ‘කෑම නෑ..’ ශ‍්‍රී ලාංකික සරණාගතයෝ ඉන්දියාවට බෝට්ටුවලින් පලා යති.. තවත් රැසක් පලා යන්න සූදානමින්..

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික කුණාටුවක.. ලෙබනනය, තුර්කිය මාවතේ වේගයෙන් ඉදිරියට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy