May 13, 2022 at 8:40 am | lankacgossip
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ නිවාසවලටත් හානි කරන ලෙස පවසමින් ෆේස්බුක් හරහා පෝස්ටුවක් උඩුගත කර මහජනයා ප්රකෝපකාරී කිරීමට කටයුතු කළ දේශික කුරුප්පු නැමැත්තෙකු 12 සවස නිට්ටඹුව පොලීසියට විසින් අත් අඩංගුවට ගෙන 13 අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ පුද්ගලයා ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ලුතිතන්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී විනය විරෝධී හැසිරීම හේතුවෙන් 2020 ජනවාරි මස 29 දින යුද්ධ හමුදා සේවයෙන් පහ කළ අයෙකු බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තහවරු කරන ලදී.
මොහු 2010.10.29 දින යුද්ධ හමුදාවට බැඳි ඇති අතර තම අණදෙන නිලධාරියාගේ අත්සන ව්‍යාජ යෙදීමේ චෝදනාව යටතේ 2020.01.29 දින යුද්ධ හමුදා සේවයෙන් පහකර ඇත.
පසුගිය දිනවල කලහකාරී ලෙස හැසිරෙමින් දේපළ හානිකළ පුද්ගලයින් ආමන්ත්‍රණය කරමින් ඔහු සිය ෆේසුබුක් ගිණුමේ සටහනක් යොදා ත්‍රිවිධ හමදාවේ සහ පොලීසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ නිවාස පිළිබඳවද අවධානය යොමුකරන්නැයි ඉල්ලා තිබුණි.
සැකකරු නිට්ටඹුව පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙසඅත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
– Army midea
1,078 views