Sinhala

lankacgossip | මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ඇරඹෙයි…


May 13, 2022 at 8:02 am | lankacgossip

මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ඇරඹෙයි…

යුද්දය හේතුවෙන් අවසන් සටනේදී මියගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය 12 ඇරඹෙන හෙයින් මුලතිව් වෙල්මුල්ලි වයික්කාල්හි ඉදිකොට ඇති යුද ස්මාර්කය අබියසට එලඹෙන 18 වනදා එක්රෝක් වන ලෙසට සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවට දෙමළ සංස්කෘතික සභාව කියා සිටියි.

යුද්දය අවසන් වී වසර 13 ක් පිරීම හේතුවෙන් අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිකිරීම දෙමළ ජනතාවගේ අයිතියක් බැවින් එය සිහිපත් කිරීම සඳහා මෙවර කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයිද එම සභාව මගින් අවධාරනය කරනු ලබයි.

පසුගිය කාලවකවානුවේදී මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය අබියස සැමරුම් සංවිධානය කිරීමේදී විවිධ වූ බාධා එල්ල වූ අතරම ඇතැම් අවස්ථාවකදී මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්මාර්කය කඩා දැමීමටද ඇතැම් පාර්සවයන් පියවර ගැනීම මගින් දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවූ බවටද පෙන්වා දෙයි.

මේ හේතුව නිසා 12 දිනයේ සිට මුල්ලිවයික්කාල් ජනසංහාර සතිය ක්‍රියාත්මක වන බැවින් ඔනෑම් වැසියෙකුට හැකි අයුරින් යුද්දයේදී මිය ගිය අය සිහිකොට නිවසේ සිට හෝ සිහිකිරීම් අවස්ථාවන් සිදුකරන ලෙසටත් එලඹෙන මැයි 18 වනදා සියලු ජනතාව එක්වී මුල්ලි වයිකාල් යුදසැමරුම් ස්මාර්කය අභියසදී යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිකරනු ඇතැයිද විශ්වාශ කරන බවට දෙමළ ජාතික සංස්කෘතික සභාව වැඩිදුරටත් පවසා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,200 views



Source link

Related posts

lankacgossip | වියදම් කපන චක්‍රලේඛය තඹේකට නොතකා රාජ්‍ය උත්සව…

Rohan

lankacgossip | රසායනාගාර පරීක්ෂණ තුනකින්ම අසමත් චීන පොහොර තවත් පරීක්ෂණයකට යොමු කරලා…

Rohan

lankacgossip | යතුරුපැදි-ප‍්‍රාඩෝ සවාරිය පිලිකා රෝහලට ආධාර දෙන්න කල එකක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy