May 13, 2022 at 12:00 pm | lankacgossip
තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
නෝමන් පලිහවඩන
– දිවයින
0 views