Sinhala

lankacgossip | ෆොන්සේකා ලොකු තනතුරකටද..?


May 12, 2022 at 10:40 am | lankacgossip

ෆොන්සේකා ලොකු තනතුරකටද..?

තමන් ආණ්ඩුවේ තනතුරක් ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ ඔහු තබා ඇති සටහන මෙසේය.

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි.

ගෝටාභය රාජපක්ශ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි .

සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.

ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි .

9,127 views



Source link

Related posts

lankacgossip | ධුරයෙන් අස්වන්නැයි ජනාධිපති අගමැතිට දන්වයි.. අගමැති එකග වේ.. විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

Rohan

lankacgossip | යුරෝපයට ගෑස් අත්හිටුවන බව රුසියාව කියයි.. යුරෝපයේ ගෑස් මිල අහස උසට නගී…

Rohan

lankacgossip | දිය ඇලි නරඹන්න විශාල පිරිස්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy