May 12, 2022 at 2:16 am | lankacgossip
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල (10) දින රාත්‍රියේ සිට (11) දින තෙක් තද සුලං සමග අධික වර්ෂාවක් පතිත විය.
පවතින අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර , ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලගකින් අධි බලැති විදුලි රැහන් පද්ධතියට අලාභ හානි සිදු වි ඇති නිසා මස්කෙලිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන ප්‍රදේශ රැසකට විදුලි බලය (10) දින රාත්‍රියේ සිට ඇණ හිට ඇත.
පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
132 views